ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරස් අවධානම් තත්වය “ඉහළ” සිට “ඉතා ඉහළ” මට්ටමට ඔසවයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරොන වයිරසය පැතිර යාමේ තත්වය සඳහා වන ගෝලීය අවදානම් තක්සේරුව “ඉහළ” (High) සිට “ඉතා ඉහළ” (Very High) දක්වා ඉහළ නංවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසුවේ චීනයේ මතුවූ වෛරසය ඉතාලියේ හා ඉරානයේ සිට වෙනත් රටවලට ව්‍යාප්ත වී ඇති බවයි. ලොව පුරා රටවල සෞඛ්‍ය පද්ධති මෙම වේගවත් පැතිරීම පාලනය කිරීමට තවමත් සූදානම් නැති බව ඔහු තවදුරටත් පැවසීය.

අවදානම් මට්ටම ඉහළ නැංවීම යනු සෞඛ්‍ය සේවා සහ අනෙකුත් හදිස්සි සේවා නිලධාරීන්ගේ ප්‍රතිචාර වේගවත් කිරීම සඳහා පෙළඹවීමක් බව ඒජන්සියේ හදිසි අවස්ථා වැඩසටහන මෙහෙයවන මයික් රයන් මහතා පැවසීය.

“මෙය ලොවවටා සෑම රජයක් සඳහාම ඔවුන්ගේ සූදානම පිලිබඳ තත්වය පරීක්ෂා කිරීමකි,” ඔහු සිකුරාදා පැවති සාකච්ඡාවකදී පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ “ඉතා වේගවත්ව කවුළුව වැසෙමින් තිබේ. අවදි වන්න. ඉක්මන් පියවර ගන්න.” යන්නයි.

ඔහු කියා සිටියේ මෙම රෝගය ලෝකව්‍යාප්ත වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බවත්, එසේ කළහොත් එයින් අදහස් වන්නේ ලෝකයේ සෑම පුද්ගලයෙකුටම එය වැළඳෙනු ඇති බවයි. චීනය, සිංගප්පූරුව, නේපාලය සහ වියට්නාමය ඇතුළු රටවල් විසින් තත්වය පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බව පෙන්වා දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ජනවාරි අග දී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කොරෝනා වෛරසයේ පුපුරා යාම ජාත්‍යන්තර අවධානයට ලක්වූ “මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එවකට ලෝක සෞඛ්‍ය සංවිධානය සංචාරක හෝ වෙළඳාම සඳහා සීමාවන් නිර්දේශ නොකළ නමුත් බොහෝ රටවල් සහ සමාගම් එවැනි පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවෙන් ද එක් කොරෝනා අසාධිතයෙකු වාර්තා වූ අතර, චීන ජාතික සංචාරක කණ්ඩායමක් සමඟ පැමිණි ඇය මේ වනවිට සුවය ලබා සියරට ගොස් ඇත. රට තුල තත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින බවද, හදිස්සි අවස්ථාවන් සඳහා සියලුම අංශ පෙර සූදානමකින් පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *