2020 මහ මැතිවරණයෙන් පසු නොසිතන දේශපාලන පෙරළියක් ?

සජිත් පිල සමඟ ජාතික ආණ්ඩුවකට පොහොට්ටුවෙන් වෑයමක් – සජිත්ගේ ගෝලබාලයින් ට රාජ්‍ය ආයතන වල තනතුරු?

මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීම සම්බන්ධව සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීමට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දේශපාලන කරලිය යලිත් උණුසුම් වී තිබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණයත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි මහමැතිවරණය සඳහා දින නියම කිරීමට සැරසීම නිසාය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක බිඳහෙලා ඉස්මතු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ සමගි ජන බලවේගය (ටෙලිෆෝනය) යන නැවුම් දේශපාලන ප්‍රවාහයන් දෙකක් බලවත් වී ඇති මොහොතක ඉදිරි මහ මැතිවරණයෙන් පසු බිහිවන ආණ්ඩුවේ හැඩතල නීර්ණය කිරීම සඳහා මේ වන විටද දේශපාලන කරලියේ විවිධ උපාය උපක්‍රම දියත්වෙමින් පවතින බව වාර්තා වේ. 

එවැනි එක් උපක්‍රමයක් වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් ගොඩනඟා 2/3 ක බලයක් සහිත රටට හිතකර ප්‍රභල ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් ඒ සඳහා දෙපාර්ශවයේම දේශපාලන උපායමාර්ග සකසන්නන් විසින් පිඹුරුපත් සකස් කරමින් සිටින බවද වාර්තා වේ. සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් මෙම යෝජනාවට යම් තරමක විරෝධයක් එල්ල කළද, ඔවුන් සියල්ලන්ටම නව රජයේ තනතුරු සහ වරප්‍රසාද ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නායකත්වය පොරොන්දු වී තිබේ. එහිදී ඉදිරිපත් වී ඇති තවත් යෝජනාවක් වන්නේ මීළඟ ආණ්ඩුව පිහිටවන තුරු නොසිට රජයේ ආයතන, දෙපාර්තමේන්තු සහ සංස්ථා වල ඉහළ තනතුරු හැකි පමණ ප්‍රමාණයකට තම පාර්ශවය විසින් යෝජනා කරන පුද්ගලයින් පත්කරන ලෙසයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති නිසා එලෙස තනතුරු ලබා ගැනීම ගැටළු සහගත බවත්, එවැනි අවස්ථාවක් ඇත්නම් ඒ සඳහා උත්සාහ කරන බවත් නායකත්වය විසින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *