ගම්පහ තීරක සාධකය “පාස්කු ඉරිදා කම්පනය” යි

මීළඟ පාර්ලිමේන්තුව හොල්ලන අයෝමය චරිත දෙක ගම්පහින්

ශ්‍රී ලාංකික දේශපාලනයේ නොසිතූ විරූ පෙරළි ඇති කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ චන්ද දායකයින් දක්ෂය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීද එවැනි නොසිතූ විරූ පෙරළියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිදු වීමට නියමිත බව බුද්ධි අංශ ඇතුළු පාර්ශව කිහිපයකින්ම සිදුකළ පූර්ව මැතිවරණ සමීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. 

පොලිස් කොට්ටාශ මට්ටමින් සිදුකළ බුද්ධි අංශ වාර්තාවකින් හෙළිවී ඇත්තේ පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව තුළ ඇතිවූ කම්පනය තවමත් පහවගොස් නැති බවත්, එම පාස්කු ඉරිදා කම්පනය මෙවර මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තීරණාත්මක සාධකය බවයි. බොහෝ නියැඳි වලින් ප්‍රකාශ වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී දේශපාලකයින් සිටින පක්ෂ එකහෙළාම ප්‍රතික්ෂේප කරන බවත්ය. තවත් නියැඳි පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරකය සහ ඉස්ලාම් අන්තවාදය මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධියේ විවේචනය නොකළ, එම අන්තවාදය තුරන් කිරීමට වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකෙරූ කිසිඳු පක්ෂයකට මෙවර චන්දය නොදෙන බවය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පාවෙන චන්ද පදනමෙන් 30% – 35% ත් අතර ප්‍රමාණයක් අදහස් පලකොට ඇත්තේ මෙවර තමන්ගේ තීරක සාධකය පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කරුණු බවයි. චන්දය දීමට නම් පාස්කු ප්‍රහාරය හා අන්තවාදය තුරන් කිරීමට විසඳුම් බලාපොරොත්තු වන ප්‍රමාණය පාවෙන චන්ද පදනමෙන් 24% ක් බව පැවසේ.

ග්‍රාම සේවා වසම් මට්ටමේ නියැඳි 25,000 ක් ආශ්‍රයෙන් තවත් කණ්ඩායමක් සිදුකළ පූර්ව මැතිවරණ සමීක්ෂණයකින් පැවසෙන්නේ කතෝලික ප්‍රදේශ වල චන්දය ප්‍රකාශ කිරීමේදී පාස්කු ප්‍රහාරය හා අන්තවාදය පිළිබඳව සිතා චන්දය ලබාදෙන පක්ෂය තීරණය කරන බවට පැවසූ ප්‍රමාණය 55% ක් තරම් ඉහළ අගයක් ගන්නා බවත්, වෙනත් ප්‍රදේශ වල එම අගය 30% ක් පමණ වන බවත්ය. පසුගියදා කාදිනල්තුමන් විසින් සිදුකළ මැතිවරණය සම්බන්ධ  ප්‍රකාශයත් සමඟ කතෝලික ප්‍රදේශ වල මෙම ප්‍රතිශතය තවත් ඉහළ යා හැකිය.

කෙසේ වුවද මෙම පාස්කු ඉරිදා කම්පනයට සංවේදී චන්ද පදනම අපේක්ෂා කරන ඉහත කරුණු පිලිබඳ දේශපාලන වේදිකාවේ ඍජුව කතා කළේ කොඩිය ලකුණින් ඉදිරිපත් වන අපේ ජනබල පක්ෂය පමණි. බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් තරඟ වදින අපේ ජනබල පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම මැතිවරණ ප්‍රචාරයේද ප්‍රධාන මාතෘකාව වූයේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව දේශපාලන ප්‍රවාහයක් පාර්ලිමේන්තුව තුල ගොඩනැගීමය. 

ඒ අනුව අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පැමිණීමට 80% සම්භාවිතාවයක් පවතින බවද, සමගි ජන බලවේගය සමඟ සම ආසන ලබා ගනිමින් දෙවන ස්ථානය හෝ ආසන 4ක් දිනා ගනිමින් දෙවන ස්ථානය ලබා ගැනීමේ සම්භාවිතාවය 60% ක් පමණ වන බවද පැවසේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයින් සමඟ සිටින පක්ෂ වශයෙන් සැලකෙන සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජන බලවේගය (ජවිපෙ) ගම්පහ වැසියන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වී ඇති අතර අන්තවාදය පෝෂණය කළා යැයි චෝදනා එල්ල වන බදුරුදීන්, හකීම් වැනි පුද්ගලයින් නියෝජනය කරන සමගි ජන බලවේගයට සහ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින් තිදෙනෙකුගේ පියා සහ මාමණ්ඩිය වන මොහමඩ් ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවේ සිටි ජවිපෙ (ජාතික ජන බලවේගය) ට වැඩි ප්‍රතිරෝධයක් දක්නට ලැබෙන බව පැවසේ. ඒ අනුව ජවිපෙ (ජාතික ජන බලවේගය) සාමාන්‍යය තත්වයේදී ගම්පහින් ලබා ගන්නා එකම ආසනයද මෙවර අහිමි වනු ඇතැයි අනාවැකි පළවේ.

මේ තත්ත්ව යටතේ අන්තවාදයට එරෙහි නව බලවේගයක් වන අපේ ජනබල පක්ෂය ප්‍රභල චන්ද පදනමක් ගම්පහ දිස්ත්‍රික්කය තුල නිර්මාණය කරගෙන තිබෙන බවත් එම පක්ෂය නියෝජනය කරන අතුරලියේ රතන හිමි සහ පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රමුඛව තවත් අපේක්ෂකයෙකු හෝ දෙදෙනෙකු මනාප වලින් තේරීපත් වනු ඇති බවටත් අනුමාන කළ හැක.

එම සමීක්ෂණ අනුව සැකසූ පුරෝකථනය මෙලෙසය;

පක්ෂයScenario A
[පාස්කු ප්‍රහාරය නොවූයේ නම්]
Scenario B
[පාස්කු ප්‍රහාරය අනුව චන්දය දීම – (විය හැකි සම්භාවිතාවය 80%)]
Scenario C 
[පාස්කු ප්‍රහාරය අනුව චන්දය දීම – (විය හැකි සම්භාවිතාවය 60%)]
SLPP (පොහොට්ටුව)11109
SJB (දුරකථනය)443
UNP (අලියා)222
NPP (මාලිමාව)100
AJP (කොඩිය)024

(මෙය අප සතු තොරතුරු මත සැකසූ පුරෝකථනයක් පමණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *