
1980 දශකයේ අග භාගයේදී ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ පොදු දේපළ විනාශයේ අද දින වටිනාකම තක්සේරු කිරීමේදී රටට රුපියල් බිලියන 55 ක දැවැන්ත මුදලක් අහිමි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
මෙම විනාශයට තැපැල් කාර්යාල 682 ක්, ටෙලිකොම් මධ්‍යස්ථාන 13 ක්, බස් රථ 550 ක්, බස් ඩිපෝ 15 ක්, රජයේ කාර්යාල 210 ක්, දුම්රිය 12 ක්, දුම්රිය ස්ථාන අටක්, විදුලි ට්‍රාන්ස්ෆෝමර් 130 ක්, තේ කර්මාන්තශාලා 75 ක් සහ වතු බංගලා 40 ක් ඇතුළත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව එම 88/89 භීෂණ යුගයේදී ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය විරෝධී කැරළි නිසා ජවිපෙ සහ රජය විසින් ඝාතනය කරන ලද තරුණ තරුණියන් 60,000 නිසා රටේ සංවර්ධනයට ඔවුන්ගෙන් දායකත්වය අහිමි වීම තුල මිල කළ නොහැකි අලාභයක් සිදුවී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අවපාතය සහ දේශපාලන නායකත්වයේ හිඩැස නිර්මාණය වී ඇත්තේ එම වකවානුවේ රටට මෙවැනි දැරිය නොහැකි පොදු දේපළ සහ මානව සම්පතක් අහිමි කිරීම නිසා බව විද්වතුන් පෙන්වා දෙති.
කෙසේ නමුත් මෙවැනි ජාතික අපරාධයන් සඳහා වෙනත් රටවල විශේෂ අධිකරණ පිහිටුවා කැරලිකරුවන්ට දඬුවම් පමුණුවන නමුත් ලංකාවේ ජවිපෙ කැරැල්ලේ නායකයින්ට විරුද්ධව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැත. මීට හේතුව ලෙස 1994 පොදු පෙරමුණු – ජවිපෙ හවුල් ආණ්ඩුවේ සිට අද දක්වා ජවිපෙ නායකයින් පැවති ආණ්ඩු සමඟ පවත්වාගෙන ආ ඩීල් දේශපාලනය බව ඇතැම්හු පෙන්වා දෙති.
ජවිපෙ පක්ෂ අරමුදල මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු දැවැන්තම අරමුදල වන බවත් එය රුපියල් බිලියන 25කට අධික බවට සැක පල කෙරේ.