ශ්‍රී ලංකාවේ ආසන්න සාගරයේ භූ කම්පනයක් – ඉන්දු-ඕස්ට්‍රේලියානු භු තැටිය දෙකඩ වීමේ ප්‍රථිපලයක් ද?

අද (12) උදෑසන ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසීය.

අලුයම 2.34ට පමණ රික්ටර් මාපාංක 5.4ක අගයක් ගත් මෙම භූ කම්පනය හට ගත් බවද, එහි අපකේන්ද්‍රය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් පමණ පොළොව අභ්‍යන්තරයේ පිහිටි බවද එම මධ්‍යස්ථානය කියා සිටී.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවද, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

භූ කම්පනයේ බලපෑම දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට, දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට දැනී තිබුණි.

මාතර පිටබැද්දර, කුඩගලහේන සහ දෙයියන්දර ප්‍රදේශවාසින් පවසන්නේ, භූ කම්පනය තම ප්‍රදේශවලට හොඳින් දැනුණු බවයි.

භු විද්‍යා හා පතල් කාර්යාංශය පවසන්නේ, ඉන්දු-ඔස්ට්‍රේලියානු භු තලයේ, ඉන්දියාව උතුරු දෙස චලනය වීමත්, ඔස්ට්‍රේලියානු කලාපය ඊසාන දෙසට චලනය වීමත් නිසා මෙම භූ කම්පනය සිදුවන්නට ඇති බවයි. ඉන්දු-ඕස්ට්‍රේලියානු භු තැටිය දෙකඩ වෙමින් පවතින බව භූ විද්‍යාඥයින් පවසන අතර, මෙය එහි ප්‍රථිපලයක් වියහැකි බව විශේෂඥයෝ පවසති. කෙසේ වෙතත් මෙම දෙකඩවීම සඳහා වසර දහස් ගණනක් ගතවන අතර එහි ක්ෂණික අවධානමක් ශ්‍රී ලංකාවට නොමැත.

ඉන්දු-ඕස්ට්‍රේලියානු භු තැටිය දෙකඩ වෙමින් පවතින ආකාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *