දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන්ගේ නීතිඥයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්තඩංගුවට

පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥයෙකු වන හිජාස් හිස්බුල්ලා සහ තවත් තිදෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිජාස් හිස්බුල්ලා ප්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වන අතර පසුගිය වසරේ කුරුණෑගල රෝහලේ සේවය කරමින් මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළා යැයි චෝදනා ලැබූ දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් වෙනුවෙන් පෙනී සිටියේද මොහුය. ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ මෙම නීතිඥයා ත්‍රස්ත ප්‍රහාරා එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දෙදෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වා තිබීමත්, ඔවුන් සමඟ සංවිධාන කිහිපයක එකට නිලතල දරා තිබීමත් යන කරුණු බවය.

දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් 2015 මහ මැතිවරණයේදී රිෂාඩ් බතියුඩීන් මහතා නායකත්වය දරන ACMC පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අතර අන්‍ය ජාතික මව්වරුන් බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක්කළ බවට ඔහුට එරෙහිව ප්‍රභල සාක්ෂි සහිත චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් අත්තඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉහත කි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයා විය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා උපදේශක සහ සංහිඳියා සභාව (ARC) නමැති රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙකු වන අතර හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බතියුඩීන්, මොහොමඩ් හලීම්, මුජිබර් රහුමාන් වැනි දේශපාලඥයින් සමඟ ලඟින් කටයුතු කර ඇත.

මේ අතර, හිටපු අමාත්‍ය සහ ACMC නායක රිෂාඩ් බතියුඩීන්ගේ සහෝදරයා වන රියාජ් බතියුඩීන් ඊයේ (14) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලමේදී අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුද මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු සමඟ සම්බන්දතා පවත්වා ඇති බවත්, ප්‍රහාරයට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී ඔවුන් දෙදෙනා සාකච්චාවක් පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මෙම කරුණු අනුව පෙනී යන්නේ හිටපු අමාත්‍ය සහ ACMC නායක රිෂාඩ් බතියුඩීන් වටා සිටි ප්‍රභලයින් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට රැකවරණය සහ ආධාර අනුබල දී ඇති බවට පැහැදිලි චිත්‍රයක් ගොඩනැගෙමින් පවතින බවයි.

නීතිඥ හිජාස් හිස්බුල්ලා උපදේශක සහ සංහිඳියා සභාව (ARC) නමැති රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙකි
නීතිඥ හිජාස් හිස්බුල්ලා උපදේශක සහ සංහිඳියා සභාව (ARC) නමැති රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙකි
දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් සහ රිෂාඩ් බතියුඩීන් මහතා
දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *