
“ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” (Information Technology Society Sri Lanka – ITSSL) යන නම ඇසූ පමණින් ඔබට හැඟී යන්නේ එය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිලිබඳ වෘත්තීය සංගමයක් බව නොවේද? නමුත් මෙය අවුරුදු 21 පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන කිසිඳු වෘත්තීය සුදුසුකමක් හෝ පරිචයක් නොමැති සිසුවකු විසින් කරගෙන යනු ලබල “අටවාගත්” සංගමයක් බව ඔබ දන්නේ ද?
රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නමැති සිසුවකු විසින් තමන් එම සංගමයේ සභාපති වශයෙන් හඳුන්වා ගනිමින් කරගෙන යනු ලබන මෙම සංවිධානයේ නමින් කිසිඳු ලිපිනයක් හෝ ලියාපදිංචි අංකයක් නොමැති ලිපි ශීර්ෂ යොදා ගනිමින් පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෙත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ සිද්ධි පිළිබඳව විවිධ නිවේදන නිකුත් කරමින් කටයුතු කරන ලදි.
එලෙස පසුගියදා ඔහු විසින් ඔහුගේ මෙම අටවාගත් සංගමයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ බෞද්ධ පදනමක් සහිත වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ ATM පද්ධතියේ දෝෂ පවතින බවත්, එම යන්ත්‍ර පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත සහ මුදල් වෙත හැකර්වරුන්ට ප්‍රවේශ වීමට හැකි බව පවසන ව්‍යාජ සහ නොමඟ යවනසුළු ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

මෙම ව්‍යාජ හා නොමඟ යවන සුළු ප්‍රකාශය ඔහු විසින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වෙත නිකුත්කර ඇති අතර එමගින් කොටස් වෙළඳපොල ලැයිස්තුගත සමාගමක් වන සම්පත් බැංකුවේ කීර්තිනාමයට හානි වී තිබේ. එය ඉහත කී පුද්ගලයා විසින් කාගේ අවශ්‍යතාවයකට සිදුකරන ලද්දක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර සම්පත් බැංකුව විසින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
ද්වේෂසහගතව සකසා ප්‍රචාරය කර ඇති මෙම අසත්‍ය ප්‍රකාශයේ සඳහන් පරිදි කිසිඳු අනාරක්ෂිත තත්වයක් තම ATM ජාලයේ නොමැති බවත්, පාරිභෝගික ගණුදෙනු පිලිබඳ දත්ත ආරක්ෂා කිරීම සඳහා තමන් හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, ඉහත ප්‍රකාශය නිකුත්කර ඇත්තේ තම බැංකුවේ ප්‍රතිරූපයට කැළලක් ඇතිකොට එමඟින් අනවශ්‍ය වාසි ලබාගැනීමේ අරමුණින් බවත් සම්පත් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

මෙම ශිෂ්‍යයා ජනමාධ්‍ය පමණක් නොව ප්‍රසිද්ධ දේශපාලකයින් පවා නොමඟ යවා ඇති බවත්, වාණිජ බැංකු ඇතුළු විවිධ සමාගම් වලට දුරකථන ඇමතුම් ගනිමින් ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ පද්ධති වල විවිධ අඩුපාඩු පවතින බවත්, තමන්ට එම අඩුපාඩු නිවැරදි කිරීම සඳහා උපදෙස් දිය හැකි බවත් පවසමින් ඒ සඳහා මිල මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති බවත් වාර්තා වේ.
කිසිඳු වෘත්තීය සුදුසුකමක් හෝ අත්දැකීමක් නොමැති සිසුවෙකුට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, විවිධ ආයතන, දේශපාලන නායකයින් මෙන්ම සමාජයද නොමඟ යවමින් මෙලෙස වෘත්තීය සංගමයක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩකඩක් ලැබීමත්, එවැනි පුද්ගලයකු ලිපිනයක් හෝ ලියාපදිංචි අංකයක් නොමැතිව එවන මාධ්‍ය ප්‍රකාශ කිසිඳු සොයා බැලීමකින් තොරව තම මාධ්‍ය වල පලකිරීමට මාධ්‍ය ආයතන විසින් තෝරා ගැනීමත් හාස්‍යජනකය.





කතාවෙ ඇත්තක් තියෙනව . හැබැයි ඕක කියන්න ඕනෙ ඔහොම බොරු සංගම් හදන් නෙවේ . Shadow brokers ල ඇමරිකාවටම windows වල vuln එකක් නිසා ඇති තරම් සැප දුන්නනම් සම්පත් බැංකුව කියන්නෙ මොකක්ද ?ලංකාවෙ ඇති තරම් vulnerabilities තියන සිස්ටම් තියනව . ඉතින් කට වහන් ඉන්න එක තමා කරන්න තියෙන්නෙ රිපෝට් කලත් වැඩක් නෑ . රෙස්පොන්ස් එකක් නෑ ඉල්ලන් කන්නෙ නැතුව පාඩුවෙ ඉදියනන් ඕකට ඔහොම වෙන්නෙ නෑ 😂
arrest him first. he is disgrace to IT field.
If the Bank has enough evidence, why don’t you go for a legal action against him?
Future the Bank has to give enough publicity in this regard to make the customer aware about the incident.